Loading...

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂය වෙත නොගිය බවත් සිදු කළේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පමණක් බවත් වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

යම්කිසි ගැටළුවක් හේතුවෙන් එම ඉල්ලා අස්වීම සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

තීරණාත්මක දිනයට තවත් දින කිහිපයක් ඇති බවත් පාර්ලිමේන්තුව රැස්වෙන 14 වැනිදාට පෙර නානායක්කාර මන්ත්‍රීවරයාව යළි ආණ්ඩුව වෙත එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙන බවත් මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඇබ සියල්ල සිය පාර්ශවයට වදිනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ.

මුතුහෙට්ටිගමගේ ඇබ ගැසීම

මුතුහෙට්ටිගමගේ ඇබ ගැසීම

Posted by Sinhala Puvath on Wednesday, 7 November 2018

Loading...