Loading...

මේවන විට ආණ්ඩු පාර්ශවයේ සිටින 15 දෙනෙකු මෙම ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙලට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කරන බව තහවුරු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසනවා.

මනූෂ නානායක්කාරගේ ඉල්ලා අස් වීම එහි පළමු පියවර බවයි ඔහු කියා සිටියේ.

මෙම පිරිස අතර නව රජයේ අමාත්‍යධූර ලබා ගත් පිරිස් ද සිටින බවයි ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ.

එජාපය පවසන්නේ මෙම පිරිස පාර්ලිමේන්තු ඡන්දයක් පැමිණෙන තුරු ආණ්ඩුව තුළ සිටින්නේ රාජපක්ෂවරුන්ගෙන් පැමිණිය හැකි තර්ජන නිසා බවයි.

මේ අතර රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වී මෙම රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පැවසූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සිය පවුල ද සමගින් විදෙස් ගත වී සිටිනවා.

Loading...