Loading...

පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවන බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැවගේ අත්සනින් යුතු මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම අසත්‍ය ප්‍රචාරය ඇතැම් කණ්ඩායම් විසින් පතුරුවා හරින බවට වාර්තා වන බවයි.

මෙම අසත්‍ය ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

අද දින අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සූදානමක් ඇති බවට ආරංචියක් පවතින බවයි.

ආණ්ඩුවට වසර හතර හමාරක් ගතවන තුරු ජනාධිපතිවරයාට එවැන්නක් කළ නොහැති බව ව්‍යවස්ථාවේ පැහැදිළිව සඳහන්වන බව ද සරත් ෆොන්සේකා අවධාරණය කළා.

Loading...