Loading...

බලංගොඩ – පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී හමුවූ පුද්ගල හිස් කබල සහ ශරීර කොටස්වල අනන්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඒවා නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි හීංමහත්තයා නමැති දෙදරු පියෙකුගේ බවට ඔහුගේ පවුලේ ඥාතීන් හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු මීට දින කිහිපයකට පෙර අතුරුදන් වී ඇති බව ද සඳහන්.

මෙය යම්කිසි අපරාධයක් ද යන්න සෙයා බැලීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා.

පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී මෙම හිස් කබල සහ ශරීර කොටස් හමුවුණේ ඊයේ දිනයේදියි.

ජලය රැගෙන ඒමට අදාළ ලඳු කැළෑවට ගිය කාන්තාවක් මෙම හිස්කබල දැක තිබුණා.

බලංගොඩින් හමුවූ හිස්කබල

බලංගොඩින් හමුවූ හිස්කබල

Posted by Sinhala Puvath on Wednesday, 7 November 2018

Loading...