Loading...

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් හට මිලියන 3000ක් ලබා දී පටිගත කළ ව්‍යාජ ප්‍රකාශයක් ලබා ගැනීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පිරිස මේවන විට කටයුතු කරමින් සිටින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

මෛත්‍රිපාල සිරිසේන ඝාතනයකිරීම සඳහා උදව් කරන්නැයි සරත් ෆොන්සේකා විසින් තමන්ට පැවසූ බව මධූෂ් ලබා කියවා එම ප්‍රකාශය පටිගත කර ගැනීමට මෙලෙස  සූදානම්වන බවයි හිටපු අමාත්‍යවරයා චෝදනා නගන්නේ.

පාතාල නායකයින්ට පවා මිලියන ගණනින් මුදල් ලබා දී කෙලෙස හෝ තමන් ඇතුළු පිරිස සිරගත කිරීමට රජයේ පිරිස උත්සහ දරමින් සිටින බව ද ෆොන්සේකා ප්‍රකාශ කර සිටියා.

මෙම මිලියන 3000ක මුදල අදියර දෙකක් යටතේ මධූෂ් හට ලබා දීමට සැළසුම් කර ඇති බවත් පළමුව මිලියන 1500ක් සහ පසුව තවත් 1500ක් බැගින් ලබා දීමට එකඟ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ පාතාලනායකයින් යනුවෙන් හංවඩු ගැසී ඇති පිරිස් එම තත්ත්වයට පත්වන්නට පෙර අහිංසක පුද්ගලයින් බවයි.

ඔවුන් වරදට යොමු වී ඇත්තේ ආණ්ඩුවේ, දේශපාලනඥයින්ගේ සහ රටේ වරද නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මාකඳුරේ මධූෂ් ද බොහොම අහිංසක පුද්ගලයෙකු බවත් පසුව ඔහුට විඳින්නට සිදුවූ අමිහිරි අත්දැකීම් හේතුවෙන් අදවන විට අපරාධ කල්ලි නායකයෙකු බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කලා.

මේ අතර ජනාධිපතිවරයා පසුගිය දා කළ “සමනල්” ප්‍රකාශයට ද සරත් ෆොන්සේකා පිළිතුරු ලබා දුන්නා.

“අවුරුදු තුන හමාරක් ආණ්ඩු කරලා තියෙන්නේ සමනලයෝ එක්ක. දැන් වේදිකාවට ගිහිල්ලා කියනවා ඒ ආණ්ඩුවේ හිටියෙ සමනලයෝ කියලා. මම එතුමට මතක්කරලා දෙන්න ඕනේ, සමනලයෝ වෙන එක හොඳයි පොළඟෙක් වෙනවට වඩා”

වීඩියෝව පහතින්…

"සමනලයෙක් වෙන එක හොඳයි පොළඟෙක් වෙනවට වඩා"

"සමනලයෙක් වෙන එක හොඳයි පොළඟෙක් වෙනවට වඩා"තොරතුරු මෙතනින්: goo.gl/aBbMLE

Posted by Sinhala Puvath on Wednesday, 7 November 2018

Loading...