Loading...

2018 වර්ෂය සදහා රජය මගින් උතුරු පළාත තුළ දියත් කොට ඇති සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදලේ අවසන් කොටස ලබාගැනීමට යාමේදී ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව පළාත් සභා ලේකම්වරු ප්‍රකාශ කොට සිටිනවා.

මේ හේතුවෙන් උතුරු පළාත් සභාව උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව යි ඔවුන් පවසන්නේ.

උතුරේ විවිධ සංවර්ධන කටයුතු සදහා 2018 වර්ෂයට රුපියල් මිලියන 8628 ක් වෙන්කොට ඇති බව පළාත් ලේකම්වරු කියා සිටිනවා.

මෙම මුදලෙන් මේ වන විට රුපියල් මිලියන 6683 ක් ලැබී ඇති අතර මේ වර්ෂයේ අවසාන මාස තුන සදහා ලැබිය යුතු රුපියල් මිලියන 1945 ක මුදල මෙතෙක් නොලැබීම උතුරු පළත් සභාවේ මූල්‍ය අර්බුදයට හේතුව වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ පිළිබදව මීට පෙර අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළත් මේ දක්වාම මුදල් නොලැබුණු බව පවසන උතුරු පළාත් සභාවේ ලේකම්වරු වැඩිදුරටත් සඳහන් කරන්නේ අමාත්‍යවරු මාරුවීම ලේකම්වරු මාරුවීම යන කාරණා මත මේ ඉතිරි මුදල ලැබීම තවත් ප්‍රමාද විය හැකි බවටයි.

Loading...