Loading...

ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, තවුසන්ඩ් ඕක්ස්හී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මීට මඳ වේලාවකට පෙර සිදුව ඇති මෙම සිද්ධියේ දී පුද්ගලයින් කිහිපදෙනෙකුට වෙඩිවැදී ඇති බවයි එරට මාධ්‍ය මේවන විට වාර්තා කරන්නේ.

වෙඩිප්‍රහාරයට ලක් වූ පුද්ගලයින් අතර පොලිස් නිලධාරියෙකු ද සිටින බව සඳහන්.

මේවන විට පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ විශාල පිරිසක් අදාළ සමාජ ශාලාව වටකර සිටින බව පැවසෙනවා.

ප්‍රහාරකයා තවමත් එම ගොඩනැගිල්ල තුළ සිටින බවටයි සැක කෙරෙන්නේ.

ඔහු වෙඩිප්‍රහාර 30ක් පමණ එල්ල කොට ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

සිද්ධියෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

Loading...