Loading...

උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී අද (08) උදෑසන වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබුවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ මෙම වන අලියා ගැටී ඇති බවයි.

අනතුරින් දුම්රිය මාර්ගයට හානි සිදුවී නොමැති අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දුම්රියේ ගැටුණු වනඅලියෙකුට බරපතළයි

දුම්රියේ ගැටුණු වනඅලියෙකුට බරපතළයිතොරතුරු මෙතනින්: /goo.gl/pWUhkU

Posted by Sinhala Puvath on Thursday, 8 November 2018

Loading...