Loading...

19වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක දී අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30කට සීමා කළ යුතුවනවා.

එමෙන්ම කැබිනට් මණ්ඩලයට අයත් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුව 40ක් විය යුතුයි.

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 21 දෙනෙකු මේවන විට දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව තවත් කැබිනට් අමාත්‍ය ධූර 09ක් පුරප්පාඩුව පවතිනවා.

දිවුරුම් දී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 15ක්වන අතර මේවන විට පත් කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 09ක්.

එහෙත් කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් මනූෂ නානායක්කාර පෙර්දා සිය ධූරයෙන් ඉල්ලා අස් වූවා.

Loading...