Loading...

ඉදිරියේදීත් ඉන්ධන මිල අඩුකිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.

අමාත්‍යවරිය වැඩිදුරටත් අනාවරණය කළේ ඉදිරි වසර කිහිපය තුළ මෙරටට පිරිපහදු කළ ඉන්ධන ගෙන්වීම නවතා දමන බවයි.

ඒ වෙනුවට 100%ක්ම බොරතෙල් ගෙන්වීමට රජය අපේක්ෂා කරන බවයි ඇය පවසා සිටියේ.

එම බොරතෙල් මෙරට තුළදීම පිරිපහදු කොට ජනතාවට ලබා දීමට බලාපොරොත්තුවන බවත් එවැනි වැඩපිළිවෙලක් හරහා ඉන්ධන මිල විශාල වශ‍යෙන් අඩු කිරීමට හැකි බවත් ඇය සඳහන් කළා.

එම කාර්යය සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය අදියර වශයෙන් නවීකරණය කරන බවත් ලොව ඇති දියුණු තාක්ෂණය ඒ සඳහා යොදාගන්නා බවත් ඇය අනාවරණය කළා.

මේ අතර මෙම මස 10 වැනිදා සිට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව ද ඇය සිහිපත් කළා.

Loading...