Loading...

අක්‍රියව පැවති බදු අභියාචනා කොමිෂන් සභාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සාමාජිකයින් පත් කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික විනිසුරු හෙක්ටර් යාපායි.

හිටපු විනිසුරුවරයෙකු වන සුනිල් රාජපක්ෂ සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්.ස්වර්ණජෝති එහි සෙසු සාමාජිකයින්.

මේ අනුව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ බදු ගෙවන්නෙකුට ඇති වන ආරවුල් මෙම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර විසදුම් ලබා ගත හැකිවනු ඇති.

Loading...