Loading...

ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, තවුසන්ඩ් ඕක්ස්හී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩිප්‍රහාරයෙන් අඩුම ගණනේ පුද්ගලයින් 12දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බව නවතම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඒ අතර පොලිස් නිලධාරියෙකු ද සිටින බව සඳහන්.

එමෙන්ම ප්‍රහාරකයා ද පොලිස් වෙඩිපහරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට පොලීසිය නිවේදනය කර ඇත්තේ.

ප්‍රහාරකයා වෙඩිප්‍රහාර 30ක් පමණ එල්ල කළ බව අනාවරණය වී තිබෙනවා.

පුද්ගලයින් 15 දෙනෙකු පමණ සිද්ධියේ දී තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

තුවාල ලැබූ පිරිස අතර වෙඩිප්‍රහාරයට ලක්වූ පිරිස් මෙන්ම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයෙන් පැන දිවීමේ දී ඇති වූ තුවාළ සහිත පුද්ගලයින් ද සිටින බව සඳහන්.

ප්‍රහාරකයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුණාගෙන නොමැති අතර මෙය ත්‍රස්තවාදී කටයුත්තක් හෝ ත්‍රස්ත සංවිධානයක ආභාෂය ලබා සිදු කළ ප්‍රහාරයක් බවට බවට සැක කෙරෙන බව එරට ආරක්ෂක අංශ පවසනවා.

දිගු රැවුලක් සහිත මෙම ප්‍රහාරකයා කලු පැහැති ඇඳුමින් පැමිණ ඇති බවත් ඔහු අවුරුදු 20ක පමණ වයසක පසුවන්නෙකු බවත් වාර්තා වෙනවා.

Loading...