Loading...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනයකිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව වහාම අත්අඩංගුවටගත යුතු බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවක් අතරතුරයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමග තමන් කතා කළේ එක් වතාවක් පමණක් බව සරත් ෆොන්සේකා පවසන නමුත් තමන් සරත් ෆොන්සේකාගෙන් උපදෙස් ගත් බවට නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාපොච්චාරණය කර ඇති බවයි අජිත් ප්‍රසන්න පවසන්නේ.

“ලසන්ත වික්‍රමතුංගගේ ඇට සැකිල්ල තියෙන්නේ සරත් ෆොන්සේකාගේ අල්මාරියේ. කීත් නොයාර්ගෙ දෑත් කිටි කිටියේ බැන්ද නයිලෝන් නූල් තියෙන්නේ තවමත් සරත් ෆොන්සේකාගේ අල්මාරියේ. ඒ වගේම උපාලි තෙන්නකෝන්, රිවිර කතෘතුමාට පහර දුන්නු උපකරණ තියෙන්නෙත් සරත් ෆොන්සේකාගේ අල්මාරියේ.

සරත් ෆොන්සේකා යටතේ විශේෂ කණ්ඩායමක් හිටියා. ඒකට නායකත්වය දරපු තැනැත්තා අද අපිට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව මේජර් ජෙනරල්වරයෙක් හමුදාවේ. එතකොට ඒගොල්ලන්ට වෙනම විශේෂ කණ්ඩායමක් සරත් ෆොන්සේකාට හිටියා කියන එක අපට තොරතුරු ලැබෙනවා. ඉතාම පැහැදිළි සාක්ෂි තියෙනවා.

රිවිර පත්තරේ කතෘ උපාලි තෙන්නකෝන් පොලීසියට කරපු මුල්ම ප්‍රකාශයේ කියලා තියෙනවා මට පහර දුන්නේ සරත් ෆොන්සේකාගේ කණ්ඩායමක් කියලා. සරත් ෆොන්සේකා කියන්නේ අපරාධ ඉතිහාසයක් තියෙන කෙනෙක්”

Loading...