Loading...

වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ බැහැර කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළා.

ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ, උත්තරීතර අධිකරණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව යි.

එම නිසා අධිකරණය හමුවට ගිය ද මෙම ගැටලුව යළිත් පාර්ලිමේන්තුවටම යොමු කරනු ඇතැයි රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග තමන් වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු හින්දු පුවත්පත සමග කළ සාකච්ඡාවේ දී වැඩිදුරටත් පවසා තිබෙනවා.

පුද්ගලික ප්‍රශ්න ව්‍යවස්ථාවට අදාළ නොවන බව පෙන්වා දෙන ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සමග තමන්ට වැඩ කළ හැකි ද යන ප්‍රශ්නය යොමුකළ යුත්තේ ජනාධිපතිවරයාටම බවයි.

පාර්ලිමේන්තුව නැවත කැඳවීම සුබවාදී දෙයක් බව පවසන රනිල් වික්‍රමසිංහ තමන්ට බහුතරය පෙන්වීමට පුළුවන් බව විශ්වාසයෙන් කිව හැකියැයි ද පවසා තිබෙනවා.

Loading...