Loading...

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද නිමාවුණා.

එංගලන්ත කණ්ඩායම අද සිය දෙවන ඉනිම අත්හිටුවූයේ කඩුලූ 6 කට ලකුණු 322 ක් ලබා සිටියදීයි.

එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් කෙන්ට් ජෙනින්ස් නොදැවී ලකුණු 146 ක් රැස් කළා.

එංගලන්තය පළමු ඉනිමේදී ලකුණු 342 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමා වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සදහා තවත් ලකුණු 447 ක් ලබා ගත යුතුයි.

අද තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියා.

Loading...