Loading...

ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන රංගන හේරත් අද දින සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පන්දුයැවීම අවසාන කළා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඒ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම නිමා කිරීමත් සමගින්.

මේ අනුව ජාත්‍යන්තර පිටියේ දී රංගන හේරත්ගේ පන්දුයැවීම් දැක ගැනීමට මින් පසු ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමි නොවනු ඇති.

මෙම තරගයේ දී රංගන හේරත් ඉනිම දෙක තුළ දී කඩුලූ 3 ක් බිද හෙලුවා.

ඒ අනුව ඔහු සිය ටෙස්ට් දිවිය අවසන් කරන්නේ ටෙස්ට් කඩුලූ 433 ක් ලබා ගනිමින්.

දැනට ටෙස්ට් කඩුලූ 800 ක් ලබා ලොව පෙරමුණේ පසුවන්නේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වන අතර රංගන හේරත් ටෙස්ට් දිවිය අවසන් කරන්නේ වැඩිම ටෙස්ට් කඩුලූ ලාභීන් අතර, ලොව 8 වැනියා ලෙසයි.

ඔහු තරග 93 කදී මෙම දක්ෂතාව දක්වා තිබීමද විශේෂත්වයක්.

Loading...