Loading...

බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු යුවලක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ගේ විවාහ මංගල උත්සවය නොවැම්බර් මස 14 සහ 15 දෙදින තුළදී පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

‘දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිසකගේ බලාපොරොත්තු ඉටුකරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය එලෙස ප්‍රකාශයට පත්ව ඇතත් උත්සවය පැවැත්වෙන්නේ කොහේදැයි නිවැරදි තොරතුරක් නිෂ්චිත ලෙස මාධ්‍යයට පවසා නොතිබීම විශේෂත්වයක්.

රන්වීර් සහ දීපිකා යුවළ තීරණය කර ඇත්තේ විවාහ මංගල්‍යය අප්‍රසිද්ධව පවත්වන්නටයි.

සීමිත ආරාධිතයන් පිරිසක් පමණක් සහභාගි කරවා ගන්නා, පෞද්ගලිකත්වය රැකෙන ලෙස චාම් අයුරින් පැවැත්වීමට නියමිත මේ විවාහ මංගල උත්සවයට සහභාගි වන අයට අමුතු තහනමක්ද පනවා තිබෙනවා.

ඒ ආරාධිතයන් කිසිවෙකුටවත් ජංගම දුරකතන රැගෙන ඒමට ඉඩ ලබා නොදීම මඟින්.

මංගල උත්සවය ගැන කිසිම මාධ්‍යයකට විස්තර නොකියා සිටීමට සහ ඡායාරූප වීඩියෝ ආදිය පිටතට නොයාම සඳහා ආරාධිතයන්ට මෙලෙස ජංගම දුරකතන තහනමක් පනවා ඇති බව වාර්තා වෙනවා.

Loading...