Loading...

ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

විනාඩි 40ක් තුළ එල්ල වුණු රොකට් ගණන 80ක් පමණ වන බව සඳහන්.

ඉන් එක් ප්‍රහාරයක්  බස් රථයකට වැදී ඇති අතර ඉන් බස්රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

වාසනාවකට මෙන් එය තුළ මගීන් සිට නැහැ.

එමෙන්ම රොකට් කිහිපයක් ගුවනේදීම මැඩපැවැත්වීමට ඊශ්‍රායල මිසයිල ආරක්ෂන අංශ සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් එක් අයෙකු මෙම ප්‍රහාරවලින් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාර එල්ල වීමත් සමග දකුණුදිග ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ බව පුවත් වාර්තා සඳහන් කරනවා.

Loading...