Loading...

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ගාසා තීරයේ ඉලක්ක වෙත පහර දීම අරඹා තිබෙනවා.

එම ප්‍රහාරවලින් සිය වැසියන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි පලස්තීනය පවසන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ මීට පැය කිහිපයකට පෙර ගාසා තීරයේ සිට ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල වූ රොකට් ප්‍රහාරයත් සමගයි.

පලස්තීන පාලනයේ පවතින ප්‍රදේශයක සිට මෙම රොකට් ප්‍රහාරය එල්ල වී ඇති බව මේවන විට අනාවරණය වී ඇති බව සඳහන්.

ප්‍රහාරයෙන් බස් රථයක් සම්පූර්ණයෙන් විනාශ වූ අතර තවත් ගොඩනැගිලි ගිනිගන්නා ආකාරය එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම රොකට් ප්‍රහාරයන්ගෙන් 19 වියැති තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වූවා.

Loading...