Loading...

ලෝකප්‍රකට චිත්‍රකතා ශිල්පී ස්ටෑන් ලී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් නුවර පිහිටි රෝහලක දී අවසන් ගමන් යනවිට ඔහු 95වැනි වියෙහි පසු වූවා.

ස්පයිඩර් මෑන්, එක්ස්-මෙන්, බ්ලැක් පැන්තර්, ඇතුළු සුප්‍රකට මාර්වල් චිත්‍රකතා චරිත රැසක නිර්මාතෘ වන්නේ ද ඔහු යි.

එමෙන්ම අයන් මෑන්, තෝර්, ද හල්ක්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, ඩෙයාඩෙවිල් සහ ද ෆැන්ටාස්ටික් ෆෝ වැනි චරිත කතාවල සමනිර්මාතෘ ලෙස ද ස්ටෑන් ලී ලෝක පූජිතයි.

මීට විනාඩි කිහිපයකට පෙර වාර්තා වුණු මෙම පුවතත් සමග ලොව පුරා සිටින රසික රසිකාවියන් මහත් කම්පනයට පත්ව සිටිනවා.

ඔවුන් සමාජ ජාල හරහා සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටින ආකාරයයි දක්නට ඇත්තේ.

Loading...