Loading...

තමන්ට ඇමතිකමක් ලබා දී රජයට එකතු කරගැනීමට ජනාධිපතිවරයා උත්සහ දැරූ බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.

ජනාධිපතිවරයා සිය  හිතවතුන් ලබා තමන්ට දුරකතන ඇමතුම් ලබා දුන් බවයි ඔහු ප්‍රකාශ කොට සිටියේ.

මේ මොහොතේ දී පැවැත්වෙන සජීවී රූපවාහිනී දේශපාලන සංවාදයක් අතරතුර දී බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ රංගේබණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගැනීම පිණිස ඔහුට කතා කළ ප්‍රබලයා අන් කවරෙකු හෝ නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවයි.

පාලිත රංගේබණ්ඩාර පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවමින් තමාට පැමිණි දුරකතන ඇමතුම් කිහිපයක් පිළිබඳව අනාවරණය කළා.

එහිදී හඬපට කිහිපයක්ම ඔහු මාධ්‍යට නිකුත් කළ අතර වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ මෙරට සිටින අති ප්‍රභූ පුද්ගලයෙකු ද තමන්ව අමතා ආණ්ඩුවට එක් කර ගැනීමට උත්සහ දැරූ බවයි.

Loading...