Loading...

එළුමස් බුරියානි අලෙවි කරනු ලබන හෝටලයක් වෙත රැගෙන යමින් සිටි සුනඛ මස් කිලෝග්‍රෑම් 150 ක් සමග ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු යාපනයේ, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව එරට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවර ජායිපූර් දුම්රිය ස්ථානය අසලදීයි.

පොලීසියට ලැබුණු තොරතුරක් මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පොලීසියට පවසා ඇත්තේ ඔවුන් සේවය කරන ආපන ශාලාවේ එළු මස් බුරියානි සදහා ඔවුන් එළු මස් රැගෙන යන බවයි.

පොලීසිය දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රැගෙන යන්නේ බලු මස් බව අනාවරණය වී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සන්තකයේ බලුමස් කිලෝ ග්රෑම් 150 ක් තිබී ඇති අතර පසුව ඔවුන් දෙදෙනා සේවය කරන ආපන ශාලාව පරීක්ෂා කිරීමේදී ශීතකරණ වල දමා තිබූ තවත් බලුමස් කිලෝ 850 ක් පොලීසියට හමු වී ඇති බව සඳහන්.

ඉන්දියාවේ රාජස්ථාන් පළාතේ ”එළුමස් බුරියානී” නමින්ම පවත්වා ගෙන යන මෙම ආපන ශාලාවේ එළුමස් බව පවසමින් බලුමස් යොදාගෙන කාලයක සිට මේ ජාවාරම කරගෙන ගොස් ඇති බවයි එරට පොලීසිය  අනාවරණය කරගෙන තිබෙන්නේ.

බලුමස් සමග අත්අඩංගුවට ගත් සේවකයින් දෙදෙනා එක් ස්ථානයකින් බලු මස් රැගෙන දුම්රියෙන් අදාල ආපන ශාලාව වෙත මස් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන්ව පොලීසියට කොටු වී තිබෙන බව සඳහන්.

මේ ආරංචිය ලැබීමත් සමගම ආපන ශාලාවේ හිමිකරු ආපන ශාලාවෙන් පැන ගොස් ඇති අතර චෙන්නායි පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Loading...