Loading...

ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන දැවැන්ත ලැව්ගින්නෙන් මිය ගිය ගණන 76 දක්වා ඉහළ ගොස් ඇති බව මීට සුළු මොහොතකට පෙර එරටින් ලැබුණු වාර්තා සඳහන් කළා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

එමෙන්ම ගින්න හේතුවෙන් අතුරුදන් වූ පිරිස 1276ක් බවයි නවතම වාර්තා සඳහන් කළේ.

ඊයේ දිනයවන විට 1000ක් පමණ දෙනා අතුරුදන්ව සිටි අතර පසුව ඉන් සිය ගණනක් පමණ බේරාගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වූවා.

එලෙස සිය ගණනක් අතුරුදන් ලැයිස්තුවෙන් ඉවත් කළ පසුබිමක පවා 1200කටත් වඩා පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටීම ඛේදවාචකයක් බව ඇමරිකානු මාධ්‍ය ප්‍රකාශ කරනවා.

මේ අතර ගින්නට හසුව මියගිය බොහෝ පුද්ගලයින්ගේ සිරුරුවල අනන්‍යතාව තහවුරු කරගැනීමට අපහසු වී ඇති අතර මේ නිසා, අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ලබා ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ හරහා මියගිය පුද්ගලයින් කවුරුන්දැයි හඳුණාගැනීමටයි ඇමරිකානු බලධාරීන් සූදානම් වන්නේ.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිනයේ දී ගින්නෙන් විනාශ වූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට එක්ව තිබෙනවා.

මෙම ව්‍යසනය මෙතරම් දරුණු වෙතැයි කිසිවෙකු නොසිතූ බවයි ඔහු පවසන්නේ.

මේවන විට ගින්නෙන් විනාශ වී ඇති භූමි ප්‍රමාණය අක්කර 240,000ක්.

Loading...