Loading...

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද ආරම්භ වූවා.

කෙසේ වෙතත් තරගය ආරම්භ වී පැයක් යාමටත් මත්තෙන් තරගය ජයගැනීමට එංගලන්තය අද සමත්වූයේ ලකුණු 57 කින්.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා.

පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 290 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 336 ක් රැස් කළා.

අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළ ලකුණු ගණන 346 ක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 301 ක් වූවා.

තරගය අද පස් වැනි දිනයට ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 226 ක් රැස් කර ගෙන සිටියා.

කෙසේ වෙතත් ඉතිරිව තිබූ කඩුළු සියල්ල දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අද සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 243 ක් පමණයි.

ඒ අනුව තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලිය එංගලන්තය විසින් මේවන විටත් ජයගෙන අවසන්.

Loading...