Loading...

අක්මීමන පොලිස් වසමේ, වලහන්දූව ප්‍රදේශයේ දී තරුණයෙකු සිය මව සහ පියා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12 ට පමණ මේ සම්බන්ධයෙන් අක්මීමන පොලීසිට වාර්තා වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙසේ මිය ගොස් ඇති අඹුසැමියන් දෙදෙනා වයස අවුරුදු 61 සහ 55 වැනි වයස්වල පසුව තිබෙන බව සඳහන්.

ඝාතනය සිදු කළ ඔවුන්ගේ පුත්‍රයාගේ වයස අවුරුදු 31ක්.

ඔහු මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවයි මේවන විට අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් අක්මීමන පොලීසිය විසින් එම තරුණයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෘත ශරීර අද (19) උදෑසන සොයාගනු ලැබුවේ ඔවුන් පදිංචිව සිටි නිවස පිටුපස වත්තේ කසළ ගොඩක කොළරොඩුවලින් වසා තිබිය දී යි.

ඝාතන සිදුව ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව මේවන විටත් අනාවරණය වී නැහැ.

අක්මීමන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනවා.

Loading...