Loading...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසකට කඳුළුගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

මෙම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරතව ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙසට ඉල්ලමින්.

මේ අතර මෙම විරෝධතාවයේ දී කොළ සහ තැඹිලි කොටස් නොමැති ජාතික කොඩි ද ප්‍රදර්ශනය කෙරෙනු දක්නට ලැබුණා.

මෙවන් කොඩි පිළිබඳව පසුගිය කාලය පුරාම ආන්දෝලනයකට තුඩු දුන්නේ ජාතික කොඩිය විකෘති කරන බවට සහ ඒ හරහා ජාතිවාදය ඉස්මතු කරන ලෙසට චෝදනා නගමින්.

Loading...