Loading...

පාර්ලිමේන්තුවේ ඇතිවූ සියලු දෝෂ සහගත  තත්ත්වයන් තමන්ගේ කර පිටින් යවා අනෙකුත් පාර්ශ්වයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත උත්සායක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටින්නේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

එසේම තමා අනුගමය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් රාජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන්ට කිසියම් අපහසුතාවක් වී නම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළට කතානායකවරයා සමග පැමිණියේ සැබෑ පොලිස් නිලධාරීන් ද යන්න අද වන තුරු උසස් පොලිස් නිලධාරියෙකු විසින් සනාථ කර නොමැති බවට ඔවුන් චෝදනා නගනවා.

එමෙන්ම පොලිස් නිල ඇඳුමක තිබිය යුතු අංක හෝ නිල ලාංඡන එම නිලධාරීන් සතුව නොතිබූ බවත් ඒ හේතුවෙන් එම කණ්ඩායම එජාපයේ මැර කණ්ඩායමක් බවට සැකයක් පහළ වීම වැළැක්විය නොහැකි බවත් රණවීර මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

අදාළ නිවේදනය පහතින්..

රණවීර මන්ත්‍රීවරයා පොලීසියට පහර දුන් අයුරු පහතින්…

තීරණය ඔබේ!

Posted by Sinhala Puvath on Saturday, 17 November 2018

Loading...