Loading...

ලොව පුරා Facebook සහ Instagram සමාජ ජාල වෙබ් අඩවිවල බිඳ වැටීමක් වාර්තා වනවා.

මෙම තත්ත්වයත් සමග අනෙකුත් සමාජ ජාල තුළ මේ සම්බන්ධයෙන් හටගෙන ඇත්තේ දැඩි කතාබහක්.

කෙසේ වෙතත් ඇතැම් Facebook සහ Instagram භාවිත කරන්නන් හට එම සේවා සම්පූර්ණයෙන්ම බිඳ වැටී නොමැති අතර සාමාන්‍ය පරිදි භාවිත කිරීමේ අපහසුතාවක් ඇති වී ඇතැයි සඳහන්.

ෆේස්බුක් බිඳවැටීමත් සමග ඒ හා සම්බන්ධ මැසෙන්ජර් ඇප්ලිකේෂනය ද බිඳ වැටී ඇති බව වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇතැම් පරිශීලකයින් ද මෙම ගැටලුවට මුහුණ දී සිටින බව පෙනෙන්නට තිබෙනවා.

Loading...