Loading...

අැෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමකින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඇෆ්ඝනිස්ථාන “ටොලෝ” පුවත් සේවාව පවසන්නේ මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ක්‍රියාවක් බවයි.

පිපිරීමට මුහුණ දුන් තවත් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

මේ හේතුවෙන් මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි පළවනවා.

මෙම බෝම්බයට ඉලක්ක වූයේ කාබුල් නුවර පිහිටි විවාහෝත්සව ශාලාවක්.

ඊයේ දිනයේ ඉස්ලාම් ආගමික නායක නබි තුමන්ගේ ඊද් මිලාද් උත්සවය සැමරීමට මෙම ශාලාවට විශාල පිරිසක් එක් රැස් වී සිට ඇති අතර ඔවුන් ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

ශාලාව තුළ සිටි පිරිස 1000 ඉක්මවන බව වාර්තා වනවා.

මෙම ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය විසින් එල්ල කරන ලදැයි සැක පළව තිබෙනවා.

ඇෆ්ඝනිස්ථානය තුළ විවාහෝත්සව ශාලා නිරන්තරයෙන් බෝම්බ ඉලක්කයන්ට ලක්වනවා.

පසුගිය වසරේ නොවැම්බරයේ ද මේ ආකාරයෙන්ම විවාහෝත්සව ශාලාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 14කට වඩා මරණයට පත් වුණා.

Loading...