Loading...

ආගම ධර්මය උගන්වන මුවාවෙන් බාලවයස්කාර දැරියක රවටා ලැගුම්හලකට වෙත රැගෙන ගිය පූජකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බේරුවල ‍පොලීසිය පවසයි.

වසරක පමණ කාලයක සිට දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියකට ආගම ධර්මය ඉගැන්වීමට සැකකාර පූජකවරයා පැමිණ ඇති අතර එහිදී දැරිය සමග හිතවත්කමක් ගොඩනගාගෙන ඇත.

ඔහු පසුගිය දිනක එම දැරිය වැලිගම ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් ඇති බව ‍පොලීසිය පවසයි.

දැරිය පාසල් ගොස් නිවසට නොපැමිණීම ගැන දෙමව්පියන් ‍පොලීසියට කළ පැමිණිල්ලකට අනුව බේරුවල ‍පොලිස් ස්ථානාධිපති ‍පො.ප. ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත වැලිගම ‍පොලීසියේද සහය ඇතිව සැකකරු සහ දැරිය අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කොට ඇති බව ‍පොලීසිය පවසයි.

බේරුවල ‍පොලිස් ස්ථානාධිපති ‍පො.ප. ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත ‍පො.ප. සනත්, මධුෂිකා යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Loading...