Loading...

චීනයේ, ෂැංජියාකු නගරයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව එරට මාධ්‍ය පවසනවා.

නගරයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති අතර මින් 20 දෙනෙකුටත් වඩා මියගොස් ඇති බවටයි මේවන විට වාර්තා වන්නේ.

තවත් 20කට වඩා තුවාළ ලබා ඇති බව සඳහන්.

කර්මාන්ත ශාලාව අසළ නවතා තිබූ වාහන 50ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී යාමට තරම් එම පිපිරීම දරුණු වී ඇති බව පැවසෙනවා.

පිපිරීමත් සමග ගිනි ජාලාවක් ද පැන නැගී ඇති අතර ගිනි නිවන භටයින් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේවන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Loading...