Loading...

ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (28) රු. 182 ද ඉක්මවා ගියේය.

මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය 182.27 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (27 දා) දිනයේ රු. 181. 94 ක්‌ විය.

මේ අනුව ඊයේ දිනයේදී පමණක්‌ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ශත 33 කින් පමණ ඉහළ ගොස්‌ තිබිණි.

මේ දිනවල දිගින් දිගටම ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහෙමින් තිබේ.

Loading...