Loading...

ලබන වසරේ (2019) මුල් මාස හතරට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනට් ප‍්‍රකාශක වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

මුදල් හා ආර්ථික කටයුතු ඇමැති ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (27 වැනිදා) පැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීමට මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළ අතර එහිදී ඊට අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

හෙතෙම මේ බැව් පැවසුවේ කැබිනට්‌ තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

ලබන වසරේ මුල් මාස 04 තුළදී රජයේ පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 760 ක්‌ද වියදම් දැරීමටද දැනටමත් නීති මගින් බලය ලබාදී තිබෙනවා. වියදම් දැරීමට රුපියල් බිලියන 05 ක්‌ද ඇතුළුව රුපියල් බිලියන 1735 ක සමස්‌ත වියදමක්‌ දැරීම සඳහා මෙම අතුරු සම්මත ගිණුම මගින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය රජය ඉදිරියේදී තීරණය කරනවා.

Loading...