Loading...

ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ රඳවා සිටි රැඳවියකුට විවෘත අධිකරණයේ නඩු කැඳවන අවස්‌ථාවේ දුම්කොළයක්‌ ලබාදීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (28 දා) රුපියල් ලක්‍ෂ පහක දඩයක්‌ නියම කළේය.

ගම්පහ පොලිසිය මගින් දුම්කොළ බදු පනත යටතේ නඩු පවරා තිබූ උඩුගම්පොල, දොරණාගොඩ පදිංචි බුලත්සිංහලාගේ නුවන් සුරේස්‌ බුලත්සිංහල නමැත්තාට මෙසේ දඩ නියම කෙරුණි.

ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී චූදිත විසින් සිsරමැදිරියේ සිටි රැඳවියකුට දුම්කොළයක්‌ ලබා දීමේදී අධිකරණ සිර මැදිරියේ ආරක්‍ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන් අධිකරණ පොලිස්‌ නිලධාරීන්ට කළ දැනුම් දීමක්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව අධිකරණයේදී සඳහන් විණි.

ගම්පහ පොලිස්‌ ස්‌ථානයේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස්‌ කොස්‌තාපල් නිශාන්ත රූපසිංහ (60567) මහතා පැමිණිල්ල මෙහෙයවීය.

Loading...