Loading...

තමන්ට සහ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ එදත් බහුතරය තිබුණු බවත්, අදත් බහුතරය ඇති බවත් හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

හෙතෙම මේ බව කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලූම පළාත් පාලන නියෝජිතයන් ඊයේ (28 දා) දින අරලියගහ මන්දිරයට කැඳවූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂය හා පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ නායකයන් හා ඇමැතිවරුන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ. එම පිරිස ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ඔක්තෝබර් 26 වැනිදා මාව අගමැති ධුරයෙන් ඉවත් කර තිබෙන බවට නිවේදනයක් නිකුත් කළා. නමුත් කිසිවෙක් ඒ වනවිට මාව ධුරයෙන් ඉවත් කර තිබුණේ නැහැ. ඒ සම්බන්ධව ලිපියක්වත් ලැබී තිබුණේ නැහැ. ඒ අනුව මා තීරණය කළා එදින රාත‍්‍රිය අරලියගහ මන්දිරයේ ගත කිරීමට. 2015 අගෝස්තු මාසයේදී අගමැති වුණාට පසුව මගේ මතකයේ හැටියට ඒ වනවිට රාත‍්‍රි දෙකක් පමණයි අරලියගහ මන්දිරයේ ගත කර තිබුණේ. එදා මා රාත‍්‍රිය ගතකර අලූයම බලන විට විශාල පිරිසක් මන්දිරයට පැමිණ සිටියා. එදා සිට අද වන තෙක් මේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන ආවේ ඔබේ කැපවීම නිසා බව මා ප‍්‍රකාශ කිරීමට කැමතියි.

ඔබ විවිධ දුක්ගැහැට විඳිමින් විවිධ කැපකිරීම් කරමින් එදා සිට මේ දක්වා මෙම ස්ථානයේ රැුඳී සිටිනවා. ඒ වගේම අඛන්ඩව ජනතාව සහභාගි කෙරෙව්වා. අප කැඳවපු රැුස්වීම්වලට පැමිණියා. ගමේ උද්ඝෝෂණ කළා. ගමේ රැුස්වීම් කළා. අපි හැමෝම එකට එකතු වී ඉදිරියට ගියා. එලෙස ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට කැපවීමෙන් ක‍්‍රියා කළ ඔබ සියලූ දෙනාට මගේ ස්තුතිය පළකර සිටිනවා. ඔබ නොසිටියා නම් අද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ. පාර්ලිමේන්තුව නැහැ. කථානායකවරයෙක් නැහැ. මේ සියල්ල ආරක්‍ෂා කරමින් ජන බලයක් පෙන්වීමට හැකි වුණේ ඔබගේ කැපවීම නිසයි.

ඒ වගේම මේ සටනේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකට එකතු වී ක‍්‍රියාකළ අනෙකුත් සියලූම දේශපාලන පක්‍ෂ, කණ්ඩායම් හා බහුජන සංවිධානවලට ද මගේ ස්තුතිය පළකළ යුතුයි.

මහින්ද රාජපක්‍ෂ හොර පාරෙන් ගෙන විත් පුටුවේ වාඩිකරවා ආණ්ඩුවක් පත්කර ගත්තත් එවැනි ආණ්ඩුවක් නැති බව අපි පාර්ලිමේන්තුවේදී ඔප්පු කළා.

ඊළඟ දිනයේ කථානායකතුමා එය පිළිගෙන මහින්ද රාජපක්‍ෂටත්, ඔහු පත්කළ ඇමැතිවරුන්ටත් තනතුරු නැති බව ප‍්‍රකාශ කළා. ඊළඟ දිනයේ නැවත පාර්ලිමේන්තුව රැුස්වුණා. එදා එහි සිදුවූ සිද්ධීන් ලෝකයම දුටුවා. මුළු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිකරන තරමට එදා සිරිසේන රාජපක්‍ෂ කල්ලිය හැසිරුණා. මෙලෙස මැරබලය යොදවන ආකාරය ඔබ සියලූදෙනා දුටු නිසා මා ඒ ගැන වැඩිදුර අදහස් දැක්වීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

සිරිසේන, රාජපක්‍ෂ කල්ලිය තමන් මැරයන් බව පාර්ලිමේන්තුවේදී කි‍්‍රයාවෙන් ඔප්පු කර පෙන්නුවා. මේ අයට එදා ඡන්දය පාවිච්චි කළ කිහිපදෙනෙක් මා හමුවේ ප‍්‍රකාශ කළේ මින් මතුවට කිසිදාක මේ අයට ඡන්දය නොදෙන බවයි. පොහොට්ටුවට ඡන්දය ලබාදුන් අය ප‍්‍රකාශ කළේ ‘‘අපි පොහොට්ටුවට ඡන්දය දුන්නා. නමුත් මෙවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. අපි නම් නැවත කවදාවත් පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැහැ’’ කියා ප‍්‍රකාශ කළා.

මේ සියලූ අභියෝග මධ්‍යයේ අපේ බහුතරය පෙන්වීමට අපට හැකි වුණා. පොහොට්ටුව ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුවේ තමන්ට මන්ත‍්‍රීවරු සියයක් සිටිනවාද කියා පෙන්වීමට හැකිද කියා මා ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරනවා. එලෙස මන්ත‍්‍රීවරු කීප දෙනෙකුගේවත් සහය නැතිනම් තවදුරටත් අමාත්‍යාංශවල රිංගා ගෙන සිටීමට තිබෙන අයිතිය කුමක්ද ඒ සඳහා තිබෙන බලය කුමක්ද? බලෙන් මැරයන්ගේ ආණ්ඩුවක් අටවාගෙන සිටිය නොහැකියි ඒ කාලය අවසන් බව කිවයුතුයි.

2015 සැප්තැම්බර් මාසයේ සිට අද වනතෙක් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ සහයෝගය අපට තිබෙනවා. ඕනෑම අවස්ථාවක විශ්වාසභංගයක් ගෙන එනවා නම් එය පරාජය කරන්නත් විශ්වාසය දක්වන යෝජනාවක් ගෙනාවොත් එය ජයග‍්‍රහණය කරන්නත් අවශ්‍ය බහුතරය තිබෙන්නේ අපට පමණයි කියා මා ප‍්‍රකාශ කරන්න කැමැතියි.

අද අපට තිබෙන්නේ බහුතරය තුළින් ආණ්ඩුව නැවත ලබාගෙන රට වෙනුවෙන් දියත්කළ වැඩකොටස ඉදිරියට ගෙන යෑමයි. මේ රටේ ජනතාව සහ රට වෙනුවෙන් විශාල වැඩසටහන් ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක කිරීමට අපට ඉතිරිව තිබෙනවා.

අපේ අඩුපාඩුකම් තිබුණත් පසුගිය කාලය පුරාවට ජනතාව වෙනුවෙන් හොඳ හිතින් කි‍්‍රයාකළ පක්‍ෂයක් බව අද ජනතාවට ඔප්පු වී තිබෙනවා. අපි හැමවිටම කි‍්‍රයාකළේ ජනතා මතයට අනුවයි. ඒ නිසා අපට ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට හෝ ඡන්දයකට යෑමට කිසිම බයක් නැහැ. අපේ බලය ජනතා බලයයි. ඒ බලය ආරක්‍ෂාකර ඉදිරියට යෑමට අප සැලැසුම් කර තිබෙනවා.

ඒ අනුව සියලූ පාර්ශවයන්ට එකට එක්වී කටයුතු කරගෙන ඉදිරියට යෑමට හැකි නව දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කිරීමට අප කටයුතු ආරම්භ කර තිබෙනවා. අප සියලූ දෙනා එක්ව එක්සත් ජාතික පෙරමුණ හැදුවා. එය දේශපාලන පක්‍ෂයක් නොවෙයි. ඒ නිසා නව දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේ අරමුණයි. ඒ සන්ධානය සෑම කෙනාටම සෙවනක් ලෙසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරන දේශපාලන යාන්ත‍්‍රණයක් හැටියටත් ඒ හරහා අප පියවර ගන්නා බව කිව යුතුයි.

පාර්ලිමේන්තුවේ උපරිම බලය අපි දැන් යොදවා තිබෙනවා. මේ වනවිට පාර්ලිමේන්තු බහුතරයටත් වැඩිපුර මන්ත‍්‍රී සංඛ්‍යාවක් අප සමඟ සිටින බව පෙන්වමින් මුළු පාර්ලිමේන්තුවම අපි ජයග‍්‍රහණය කර තිබෙනවා.

බලහත්කාරයෙන් අමාත්‍යාංශවලට රිංගා එහි රැඳී සිටින අය වහා ඉවත් විය යුතුයි. එසේ ඉවත් නොවනවා නම් පාර්ලිමේන්තු බලය පමණක් නොවෙයි ජනතා බලයක් යොදවා ජනබල මෙහෙයුම් මගින් පන්නා දැමීමට අප සූදානම් විය යුතුයි.

අපි ජනබල මෙහෙයුමක් ඇති කරනවා නම් හැකි තරම් ජනතාව එක්රැුස් කළ යුතුයි. විශාල ජනබලයක් ගොඩනැගිය යුතුයි ඒ සඳහා අපට දීර්ඝ කාලයක් තව ඉතිරිව නැහැ. ඉතා කෙටි කාලයක් ඉතිරිව තිබෙන බව කිව යුතුයි.

ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දහසක් තිබෙනවා. ඒ ඡන්ද පොළවල් තුළින් අඩුම තරමින් ඔබ ජනතාව දැනුවත් කරන කුඩා

රැස්වීම් 2-3 වත් පැවැත්වීම කළ යුතුයි.

ඕනෑම ජනබල මෙහෙයුමකට එක්වීමට හැකිවන පරිදි බිම්මට්ටමින් සිට ජනතාව දැනුවත් කරන්න. ඒ අනුව ජනතාව එක්රැුස් කරන ව්‍යාපාරය අද සිටම ආරම්භ කරන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

ජනබල මෙහෙයුම සිදුකිරීමේදී පාක්‍ෂිකයන් පමණක් නොව රටේ සියලූ ජනතාව එයට එක්කර ගත යුතුයි. එසේ නොකරනවා නම් එය සාර්ථක වන්නේ නැහැ. අපි සියලූ පාර්ශවයන්ගේ සහයෝගය ජනබල මෙහෙයුමට ලබාගත යුතුයි.

නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා –

අපි මේ වන විට ඉතාම අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක් මේ පසු කරන්නේ. අපි පසුගිය මහා මැතිවරණයෙන් ලබා ගත්තු ඒ ජනවරම අපෙන් උදුරා දමන්නට පගා දමන්නට කටයුතු කරලා තිබෙනවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක්. මේ ජනවරම පාවා නොදීමට අපේ පක්‍ෂයේ බහුතරයක් ජනවරම වෙන්දේසි නොකිරීමට කටයුතු කොට එය රැුක ගත්තා කියා කිව යුතුයි. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්‍ෂවලට තනතුරු, වරප‍්‍රසාදදීලා බිලිබාගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒත් එය නොහැකි වී තිබෙනවා. ඊට අපේ හදපත්ලෙන්ම ස්තුතිය පුද කරනවා. මේ හැම දෙනාම අපි රැක ගන්නවා. ආරක්‍ෂා කරනවා කියා කිව යුතුයි.

මම කියනවා ඔබ බලාපොරොත්තු වන්න. අපි හෙට සහ අනිද්දා දිනවල ලබන ජයග‍්‍රහණයෙන් පසුව සුවහසක් ජනතාවගේ අතමිට සරු කරන යුගයක්. බිහිකරනවා.

දැන් මේ කාලය තුළ අපට මොකද්ද වෙලා තිබෙන්නේ. අපට අයි. එම්. එෆ්. වාරිකයත් අහිමි කරලා තිබෙනවා. ජපානය ලබා දීමට එකඟ වූ ඒ දුම්රිය පද්ධතිය ලබාදෙන්නේ නෑ. ඇමරිකාව ලබා දීමට සූදානම් වූ ඒ ආධාර ප‍්‍රදානයන් ලැබෙන්නේ. නෑ.

අපේ පක්‍ෂය ඉතා සමඟිව ඉන්නවා. ඔය කූට උපක‍්‍රමවලට අපි රැවටෙන්නේ නෑ. මතක තියාගන්න කරු ජයසූරිය මහතා 13 වතාවක් අගමැතිකම ප‍්‍රතික්‍ෂේප කළා. මේ සජිත් පේ‍්‍රමදාස මහතා 10 වතාවක් අගමැති ධුරය ප‍්‍රතික්‍ෂේප කළා කියලා. මතක තියා ගන්න අපි ගහන ගේමක් මේ පක්‍ෂය තුළ සිටයි ගහන්නේ. ඉන් එළියට ගිහින් අපි ගේම් ගහන්නේ නෑ.

එජාප උප නායක රවී කරුණානායක මහතා – අපි බොහොම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස රට පාලනය කරගෙන ගියා. ඒත් විධායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විධායකය භාවිතා කරලා අගමැති කෙනෙක් පත්කර ගත්තා. හැබැයි අපි කියන්න ඕනෑ අපි ඉදිරියේදී යහපාලනයක් නෙවයි සැබෑ මානව හිතවාදී ජනතාවාදී පාලනයක් ගෙන එන බව කිව යුතුයි. එහිදී අපි සෑම ආසනයකටම අඩුම තරමේ රැුකියා 150 ක් වත් ලබා දීමට ක‍්‍රියා කරන බව කිව යුතුයි.

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා – අදට අපි මාසයක් මේ නිර්ලජ්ජිත ක‍්‍රියාවලියට එරෙහි සටන ගෙන යනවා. අපි ඊයේ කළුතර දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියා. අපි මේ ගෙනයන සටන නිසා දැන් මහින්ද රාජපක්‍ෂ මහතාට ලියුමක් ගිහින් තිබෙනවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. දැන් මේ කාල පරිච්ෙඡ්දය ඓතිහාසික කාල පරිච්ෙඡ්දයක්. අපි අරලියගහ මන්දිරයේ කඳවුරු බැඳගෙන, ජනතාව එක්රැුස් කරගෙන මේ සටන ගෙනියනවා. අපි සිරිසේන මහත්තයාට ස්තුතිවන්ත වෙනවා අලි ටික කූද්දලා දුන්නාට. අපි හෙට අනිද්දාම පෙන්වනවා අලි කුලප්පු වෙන හැටි.

මේ ජනපතිව අපි ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නයි. ඒත් අපවත් වී වදාළ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ නාමයෙන් මේ මනුස්සයා ඒක කළේ නෑ. ඒ වෙනුවට නැති බලතලත් භාවිතා කරනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිකම පාර්ලිමේන්තුවට යටත්. පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බැහැ. පාර්ලිමේන්තුවටම පමණයි පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. මේ ජනාධිපති හිතනවා එයා හිටපු ජේආර්, හිටපු පේ‍්‍රමදාස, හිටපු චන්‍ද්‍රිකා, හිටපු මහින්ද කියලා. එහෙම හිතන්න බෑ ඒ බලතල අපි කප්පාදු කරලා තියෙන්නේ. එයාට දැන් තියෙන්නේ කොට කෑල්ලක් විතරයි.

හිටපු ඇමැති මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා –

අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. ඒ ජනාධිපති එක්ක අනාථයෝ ටිකක් එකතු වුණා. මේ අනාථයෝ ටික ආරක්‍ෂා කරන්න ගිහින් අපට පවක් ගෙවන්න සිදුවුණා. ඒ නිසා තමයි මේ මැතිවරණ කල් තියන්න සිද්ධ වුණේ. මැතිවරණ කල්දාපු නිසා පළාත් පාලන බහුතරය අපට නැති වුණා. අපට සමානුපාතික ඡන්ද ක‍්‍රමය අවශ්‍යයි. මම ඒක හැමදාම කිව්වා. ඒත් ඇහුවේ නෑ. පළාත් පාලන එක ක‍්‍රමයකට පළාත් සභා තව ක‍්‍රමයකට ඡන්ද තියෙනවා. මේක රටට ඔරොත්තු දෙන්නේ නෑ.

හිටපු ඇමැති පී. තිගාම්බරම් මහතා – 2015 දී ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිකම ලබා දීම ගැන අපි ලැජ්ජා වෙනවා. එතුමා එදා කිව්වේ මහින්ද හොරා, බැසිල් හොරා කියලා. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. මෛත‍්‍රිපාල හිතුවා එයා අලූත් ආණ්ඩුවක් හදනකොට තිගාම්බරම්ලා, හකීම්ලා, රිෂාඞ්ලා දුවගෙන එයි කියලා. අපි ගියාද? අපි කාටවත් බයත් නෑ අපි ණයත් නෑ. ඒ නිසා වහාම අපට අපේ ආණ්ඩුව දෙන්න නැතිනම් අපේ ආණ්ඩුව අපි ගන්න දන්නවා. අපට හොඳ නායකයෝ ඉන්නවා. මහ මැතිවරණයක් වුණත් ජනාධිපතිවරණයක් වුණත් අපි දිනනවා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති මලික් සමරවික‍්‍රම ඇතුළු මැති ඇමැතිවරු, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Loading...