Loading...

දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 14 දෙනකු එක්සත් ජාතික පෙරමුණු රජයකට සහාය ලබා දෙන බවට දිවුරුම් ප‍්‍රකාශ ලබා දී තිබේ.

එසේම තම සහයෝගය එක්සත් ජාතික පෙරමුණට ලබා දෙන බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 14 දෙනකු අත්සන් තබමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිිපියක් ද යවා තිබේ.

එම ලිපියට ආර් සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, ජී. සිද්ධාර්ථන්, ඊ. සරවනපවන්, සෙල්වම් අඩෙයිකලනාදන්, චාල්ස්‌ නිමලනාතන්, ශාන්තී ශ්‍රී ස්‌කන්ධරාසා, එස්‌. සිවමෝහන්, සීනිතම්බි යෝගේෂ්වරන්, ජී. ශ්‍රීනේෂන්, කේ. කොඩීස්‌වරන්, කේ. තුරෙයිසිංහම් යන මන්ත්‍රීවරුන් අත්සන් තබා තිබේ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය පෙන්වීමට නොහැකි වී ඇති බව ද මෙම මන්ත්‍රීවරුන් 14 දෙනාගේ සහයත් සමග එක්‌සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 117 දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව ද එහි දැක්‌වේ.

රජයට එරෙහිව දෙවතාවකදී විශ්වාසභංග සම්මත කළ බවද, දෙමළ ජාතික සන්ධානය එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

එසේම එක්‌සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්‍ෂකයා ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිදි අගමැතිවරයා ලෙස නම් කරන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

Loading...