Loading...

පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා එක්සත් ජාතික පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයන් සමග අද (30) සවස සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කථානායක කරු ජයසූරිය මහතා සමග ඊයේ (29) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ් පැවැති සාකච්ඡාවේදී එකගත්වය පළ කර ඇත.

පාර්ලිමේන්තුවේදී ඊයේ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීමට අනුව කථානායකවරයා ජනාධිපතිවරයා හමුවූ බව ද පවතින දේශපාලන අර්බුදය නිසා රුපියල දිනෙන් දින කඩා වැටීම සහ සංචාරක කර්මාන්තය කඩාවැටීම ද ආයෝජකයන් අධෛර්යමත් වීම ද නිසා රට තුළ දැඩි ආර්ථික අර්බුදයක්‌ ඇති වීමේ අවදානමක්‌ පවතින බව කථානායකවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන් බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

කථානායකවරයා දැක්‌වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා එ. ජා. පෙ. සහ ටී. එන්. ඒ. සමඟ අද දිනයේදී සාකච්ඡා කර කඩිනම් විසඳුමක්‌ ලබා දීමට එකඟ වූ බව ද කථානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

Loading...