Loading...

වතු කම්කරුවන් බලාපොරොත්තු වන දෛනික වැටුප හා වතු හාම්පුතුන් විසින් ලබාදීමට අපේක්‌ෂා කරන වැටුප දෙපාර්ශ්වය සාකච්ඡා කර තීරණයකට එළැඹ එම තීරණය ලබන 3 වැනිදා වනවිට තමන්ට දැනුම් දෙන ලෙස අගමැති මහින්ද රාජපක්‌ෂ මහතා උපදෙස්‌ දුන්නේය.

වතු කම්කරු සංගම් නියෝජිතයන් හා වතු හාම්පුතුන් සමඟ ඊයේ (29 දා) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා එසේ කියා සිටියේය.

වතු කම්කරුවන් තම දෛනික වැටුප් වැඩි කරන ලෙසට කළ ඉල්ලීමකට යහපත් ප්‍රතිචාරයක්‌ බලධාරීන්ගෙන් නොලැබුණු බව වතු කම්කරු සංගම් නියෝජිතයන් මෙහිදී පෙන්වා දී ඇති අතර, වතු හාම්පුතුන් ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය තුළ තේ කර්මාන්තශාලා අකර්මන්‍ය තත්ත්වයකට පත් වෙමින් ඒවා වැසී යැමේ තත්ත්වයක්‌ උද්ගත වී ඇති බවයි.

දෙපාර්ශ්වය දැක්‌වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා මෙම තත්ත්වය දිගින් දිගට පැවැතීම රටේ ආර්ථිකයට බලපාන බැවින් ඊට කඩිනම් විසඳුමක්‌ ලබාදිය යුතු බැවින් ඒ පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර ගනු ලබන තීරණය හැකි ඉක්‌මනින් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය.

අගමැති කාර්යාලයේදී ඊයේ පැවැති මෙම සාකච්ඡාවට කම්කරු, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගන් තොණ්‌ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු ද එක්‌වූහ.

Loading...