Loading...

මෙරට ඇති වී තිබෙන පාර්ලිමේන්තු අර්බුදය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාප භාර ප්‍රධානී මේරියම් යම්ෂිඩා මහත්මිය ඊයේ (29 දා) ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඇය සිය සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමඟ සාකච්ඡා පවත්වන බව ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අර්බුදය මෙතෙක්‌ අවසන් වී නැති බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා වීම නිසා ඇය ශ්‍රී ලංකාවට එවා ඇත.

ඇය සිය සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අර්බුදයට මුල් වූ හේතූන් පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ට විමර්ශන වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර බ්‍රිතාන්‍ය රජයට සම්බන්ධ නිලධාරියකු ද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය.

Loading...