Loading...

තෙල් අපනයනය කරන රටවල ඔපෙක් සංවිධානයෙන් ලබන ජනවාරි පළමුවැනිදා සිට ඉවත් වන බව කටාර් රාජ්‍යය අද නිවේදනය කළා.

සිය වාර්ෂික ස්වභාවික වායු නිෂ්පාදනය ටොන් මිලියන 77 සිට 110 දක්වා ඉහළ නැංවීම සඳහා එම පියවරට එළඹි බවයි කටාර් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව, සාමජික රටවල් 15 කින් යුත් ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන පළමු ගල්ෆ් කලාපීය රට කටාරයයි.

එම තීරණය සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, ඊජිප්තුව සහ බහරේනය තම රටට එරෙහිව පනවා ඇති සම්බාධකවලට ප්‍රතිචාරයක් නොවන බවයි ඔහු අවධාරණය කළේ.

Loading...