Loading...

ලාංකික පාතාලයේ රජු ලෙස සැළකෙන මාකඳුරේ මදූෂ් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පුද්ගලයින් පිරිසක් ඩුබායිහි හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාකඳුරේ මදුෂ්ට අමතරව කනිචපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක යන ප්‍රබල පාතාල සාමාජිකයින් ද ඒ අතරවන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනප‍්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ද මෙම පිරිස අතර සිටින බවයි විදෙස් තානාපති ආරංචි මාර්ග පුවත් වෙබ් අඩවි වෙත වාර්තා කළේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

ඩුබායි සහ මෙරට පොලීසිය එකාබද්ධව සිදුකළ පොලිස් මෙහෙයුමකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැළැස්ම සම්බන්ධයෙන් ද මධූෂ්ගේ නම ඈඳී තිබුණා.

Loading...