Loading...

ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට ප්‍රහාර එල්ල කර බිම හෙලූ බව පාකිස්තානය නිවේදනය කරනවා.

කාෂ්මීර දේශ සීමාව ආශ්‍රිත කලාපයේ දී සිය රටට ඇතුළු වූ ජෙට් යානා දෙකකට මෙලෙස ප්‍රහාර එල්ල කළ බවයි ඔවුන් පවසන්නේ.

පාකිස්තාන හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එක් ජෙට් යානයක් පාකිස්තාන භූමියට කඩා වැටුණු බවයි.

එම යානයේ සිටි නියමුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද එම ප්‍රකාශකයා උපුටා දක්වන BBC ලෝක සේවය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්දීය බලධාරීන් මෙම සිදුවීම තවමත් නිලවශයෙන් තහවුරු කර නැහැ.

එහෙත් මීට සුළු මොහොතකට පෙර ඉන්දීය NDTV රූපවාහිනී ආයතනයට අදහස් දැක්වූ ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානියෙකු සඳහන් කළේ තමන් මෙම සිදුවීම කිසිසේත් සුළු කොට නොතකන බවයි.

කලාපයේ න්‍යශ්ටික බලවතුන්වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර මෙලෙස යුද උණුසුමක් වර්ධනය වීම දකුණු ආසියානු කලාපයටම තර්ජනයක් විය හැකි බව ද විදෙස් මාධ්‍ය අනතුරු අඟවනවා.

මේ අතර අදාළ සිදුවීමේ බව පැවසෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එය පහතින්..

https://www.facebook.com/WorldNews.lk/videos/359886127942225/

Loading...